තිසර පෙරේරා හා ලසිත් මාලිංගගේ විශිෂ්ට අවසන් පන්දුවාර 02ක හේතුවෙන් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සමග ඩකාහීදී පැවැති තරගයෙන් ලකුණු 03ක් තියුණු ජයක් ලැබීමට රාන්පූර් රයිඩර්ස් කණ්ඩායම ඊයේ(21) සමත්විය.
ජයග‍්‍රහණය සදහා ලකුනු 143ක ඉලක්කයක් හඹා ගිය ඩකා පිතිකරුවන් අවසන් පන්දුව තෙක් සටන් කළ නමුත් අවසානයේ ලබා ගත හැකි වුයේ සියල්ල දැවී ලකුණු 139ක් පමණි.
17වැනි පන්දුවාර අවසාන වනවිටත් තරගයේ ජය හිමිකර ගෙන සිටි ඩකා කණ්ඩාමට අවසන් පන්දුවාර 02ක තුළදී කඩුලු 03ක් අතැතිව අවශ්‍යව තිබුණේ ලකුණු 13ක් පමණි.
19වැනි පන්දුවාර ක‍්‍රියාත්මක කරමින් ඩකා කණ්ඩායම හිමිව තිබු ජයග‍්‍රහණය උදුරා ගත් විස්සයි විස්ස අකෘතියෙහි විශිෂ්ට පන්දුයවන්නකු ලෙස නම් දරා සිටින ලසිත් මාලිංග එම පන්දුවාර ලකුණු 03කට සීමා කිරීමට සමත් වුයේ කඩුල්ලක්ද දවා ගනිමිනි.
පෙර තරගයේ අවසන් පන්දුවාරයෙන් සිය කණ්ඩායම ජයග‍්‍රහණය ලබාදුන් තිසර පෙරේරා යළිත් වරක් එම වගකීමට භාරගනිමින් අවසන් පන්දුවාරයේ පළමු පන්දු දෙකම නිලකුණු පන්දු ලෙස යොමු කළත් තෙවැනි පන්දුවට කිරන් පොලාඩ් එල්ල කළ දැවැන්ත හයේ පහරත් සමග ගිලිහි ගිය තරගය යළිත් ඩකා පිළිට නතු විය.ඒ වන විටත් අවසන් පන්දු 03 අවශව තිබුනේ ලකුණු 04ක් පමණි.
අනතුරුව අවසන් පන්දුවාරයේ යැවු සිව්වැනි පන්දුවට ඩීප් මිඩ්විකට් දෙසට පහරක් එල්ල කිරීමට පොලාඩ් සමත් වුවත් ඒ සදහා ලකුණක් හුවමාරු කර ගැනීමට අකමැත්ත දැක්වුයේ අවසන් පන්දු 02ක තුළ දැවැන්ත පහරක් එල්ල කරමින් ජයග‍්‍රහණය කිරීමේ අරමුණ ඇතිවයි.කෙසේ වුවත් යැවු පස්වැනි පන්දුව පිත්ත පරයා කඩුල්ලේ දැවටීමටත් සමග ලකුණු 12ක් ලබා සිටි පොලාඩ්ගේ ඉනිම නිමාවට පත්වුණු අතර ඉනිමේ අවසන් පන්දුවෙන් ඩකා ඉනිමේ අවසන් කඩුල්ලත් දවාගත් තිසර සිය කණ්ඩායමට ජයග‍්‍රහණය හිමිකර දීමට සමත් විය
ඩකා ඉනිමේ හොදෙම සම්බන්ධතාවය ලෙස තෙවැනි කඩුල්ල සදහා ලකුණු 33ක් එක් කිරීමට එවින් ලුවිස්(28) හා කඩුලු රකින ක‍්‍රීඩක ජහුරුල් ඉස්ලාම් (29) සමත් වු අතර පන්දු 25කදී වාර්තා වු ලුවිස්ගේ ඉනිමට හයේ පහර 03ක් ඇතුළත් වු අතර පන්දු 19ක් තූළ වාර්තා වු ඉස්ලාම් ගේ ඉනිමට එක් හයේ පහරක් හා හතරේ පහර 04ක් ඇතුළත් විය.
කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රාන්පුර් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹය නිතර වු ක‍්‍රිස් ගේල් පන්දු 28කදී ලකුණු 51ක් රැුස් කලේ හයේ පහර 04ක් හා හතරේ පහර 05ක්ද සමගිනි.
එක් හතරේ පහරක් සමගින් ලකුණු මොහොමඞ් මිතුන් 22ක්ද, තිසර පෙරේරා එක් හයේ පහරක් හා එක් හතරේ පහරක් සමගින් ලකුණු 15ක්ද රැස් කරමින් රාංපූර් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
රාංපූර් රයිඩර්ස් පිල – ඕවර 19.5 කදී සියල්ල දැවී 142
( ක්‍රිස් ගේල් 52, මොහොමඞ් මිතුන් 22, තිසර පෙරේරා 15, සකීබ් අල් හසන් 5/16 ,ෂහීඩ් අෆ්රිඩී 2/39)
ඩකා ඩයිනමයිට්ස් පිල – ඕවර 20කදී සියලු දෙනා දැවි 139
(ජහුරුල් ඉස්ලාම් 29,එවින් ලුවිස් 28 , සොහාග් ගාසි 2/18, මෂ්රීෆ් මොටාසා 2/30 , රුබල් හුසේන 2/29, තිසරේ පෙරේරා 2/37)
from Gossip Lanka News & Video http://ift.tt/2hY2JNk
via internet
0 Comments