Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හෙටත් පැය 09ක් වතුර නැහැ

කොට්ටාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට(26) දිනයේ පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ කොට්ටාව, පන්නිපිටිය, දෙපානම සහ රුක්මලේ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.

ඒ අනුව හෙට පස්වරු 06.00 සිට අනිද්දා අළුයම 03.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

පන්නිපිටිය ජල පොම්පාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩි විස්තර සඳහා 1939 දුරකථන අංකය අමතන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියා සිටියි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();