පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවට අදාළව අත් අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු 05 ක් නිදොස් කොට නිදහස් කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණය තීන්දු කර ඇත
ජෝසප් පරරාජසිංගම් ඝාතන සිද්ධියට සැකපිට අත්අඩංගුවට පත්වූ සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් වසර 4ක් පමණ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර පසුගිය නොවැම්බර් 24 වනදා ඔහුට ඇප හිමිවිය.
මෙම නඩු පසුගිය සඳුදා (11) මහාධිකරණයේ දී මහාධිකරණ විනිසුරු ඩී.සුසයිදාසන් මහතා ඉදිරියේදී විභාගයට ගැණුනි.
නීතිපති වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයා මෙම නඩුව ඉදිරියට ගෙනයෑමට අදහසක් නොමැති බව දැනුම්දීමෙන් අනතුරුව අධිකරණය දැනුම්දුන්නේ අද දින (13) නඩු තීන්දුව දෙන බවය.
දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් 2005 වසරේ දෙසැම්බර් 25 වන දින රාත්‍රී දේවමෙහෙය අතරතුරදී මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේදී ඝාතනය කරන ලදි.
0 Comments