Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොවිඩ් මරණ ගැන අසත්‍ය තොරතුරු පැතිරූ තවත් අයෙකු අත්අඩංගුවට

කොවිඩ් මරණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඒ මහනුවර හන්තාන ප්‍රදේශයේ දී බව පොලිසිය පවසයි.
 
අදාළ පුද්ගලයා විසින් මහමග කොවිඩ් මරණ සිදුවන බවට හා සෞඛ්‍ය යාන්ත්‍රණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයා 28 හැවිරිදි මහනුවර හන්තාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන අතර ඔහු අද (16) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
කොවිඩ් මරණ සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැරි තවත් පුද්ගලයෙකු පසුගිය දා කඩුගන්නාව ප්‍රදේශයේදී ද අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();