Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හම්බන්තොට සංවර්ධන සැලැස්මේ ව්‍යාපෘති දෙකක් හෙට ඇරඹේ

හම්බන්තොට සංවර්ධන සැලැස්ම යටතේ නව රෝහල් චතුරශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සහ බැංකු කළාප සංවර්ධන ව්‍යාපෘතිය  හෙට(18) ආරම්භ කිරීමට නියමිතය
 
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජක්ෂ මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (18) දින පෙ.ව. 9.30 ට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත
 
නව රෝහල් චතුරශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අක්කර 25 කට ආසන්න භූමි ප්‍රමාණයක් දීර්ඝ කාලීන බදු පදනම මත සෞඛ්‍ය සේවා සංවර්ධන ව්‍යාපෘති සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සෞඛ්‍ය පහසුකම් සේවා සපයන ආයතන වෙත ලබා දීමට නියමිතයි.
 
 බැංකු කළාප සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අක්කර 22 ක භූමි ප්‍රමාණයක් බැංකු හා මුල්‍ය සමාගම් වෙත දීර්ඝ කාලීන බදු පදනම මත නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ලබා දීමට නියමිතව ඇත.
 
 මෙම සංවර්ධන ව්‍යාපෘති 02 කට අදාළ මාර්ග සංවර්ධනය, විදුලිය, ජලය, දුරකථන පහසුකම් හා යටිතල පහසුකම් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ලබා දීමට නියමිතයි.
නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නියමිතයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();