Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වල් ඌරකු යැයි රැවටී සිසුවකුට වෙඩිතැබූ හේන් ගොවියා වසර 20ක් හිරේ!

පියාට අයත් හේනක සොහොයුරා සමග කජු පුහුලන් ඇහිඳිමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවකුට වල් ඌරෙකු යැයි සිතා වෙඩි තබා, එම සිසුවා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ ​අධි චෝදනා ලබා සිටි හේන් ගොවියකු එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කළ උතුරු මැද පළාත් බද මහාධිකරණයේ පුර්වගාමී විනිසුරු සහ පානදුර පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් එම විත්තිකරුට වසර විස්සක (20) බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. මෙසේ දඬුවම් නියම වූයේ ඇලයාපත්තුව දිගනේගම පදිංචි ඩබ්ලිව්.එම්. විජේදාස නමැති 55 හැවිරිදි ගොවියකුටය. 2009 වසරේ අප්‍රේල් මස 22 වන දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බලප්‍රදේශයට අයත් ඇලයාපත්තුව දිගනේගමදී 16 හැවිරිදි ඒ.ඒ. ප්‍රදීප් හර්ෂ කුමාර නමැති සිසුවකුට වෙඩි තබා මරා දැමීයැයි නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි.

විත්තිකරුට විසිවසරක සිරදඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි. වල් ඌරෙකු යැයි සිතා තමා වෙඩි තබා ඇත්තේ ළමයකුට බව මෙම විත්තිකරු දැනගෙන ඇත්තේ වෙඩි තැබීමත් සමග මෙම ළමයා සහ ඔහුගේ සහෝදරයා කෑගැසූ අවස්ථාවේ බවද අධිකරණ නඩු විභාගයේදී තවදුරටත් හෙළි විය. වෙඩි තැබීමෙන් මරණයට පත් ප්‍රදීප් හර්ෂ කුමාර සිසුවා ඒ වනවිට අනුරාධපුර ඇලයාපත්තුව දිගනේගම විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත්ව උසස් පෙළ අධ්‍යාපනය ලැබීමට සූදානම්ව සිටි බවයි.

සිසුවාට වෙඩි තැබූ ඩබ්.එම්. විජේදාස නමැති මෙම හේන් ගොවියා මරණයට පත් සිසුවාගේ පියාගේ ඉතා සමීප මිතුරකු වන අතර හේන් ගොවිතැන් කටයුතු සිදුකර ඇත්තේද ඔවුන් දෙදෙනා එකටය.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3lIAXQC
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();