Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෝටි 1,552කින් වත්කම් වැඩි කරගත් ධම්මික පෙරේරා කොරෝනා වසංගතය අවසන් වන දිනය හෙළි කරයි! [VIDEO]

මුළු ලෝකයටම බලපා ඇති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මනස තුළ ධනාත්මක හැඟීම් ඇති කර ගැනීම තුළින් එය ජයග්‍රහණය කළ හැකි බව ව්‍යාපාරික, ධම්මික පෙරේරා මහතා පවසයි.

ඊයේ (16) දිනයේ දී විකාශය වු දෙරණ 360 වැඩසටහන සමග එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, ලෝකයේ සියලු දේ දැනුම මත පදනම්ව සිදුව ඇති බවය.

“වත්කම කියලා කියන්නේ, ෂෙයා මාර්කට් එකේ තියෙන වැලියුව් එක වැඩිවෙන එකනේ. ඕකෙ ඉන්න හැමෝගෙම සල්ලි බලන්නේ ඒ විදියට ඒ කියන්නේ ෂෙයා ප්‍රයිස් එක වැඩි වුණාම ඒ ටික වැඩි කරලා කියනවා ඔක්කෝම. ඒ වගේ ප්‍රශ්නයක් තමයි මෙතෙන තියෙන්නේ. තියෙන ෂෙයාෂ්වල වැලියුව් එක වැඩිවෙලා මිසක් මුදලක් අතට ආපු එකක් නෙමෙයි. හැබැයි වත්කම වැඩිවෙලා තියෙනවා. මේක මේ මුළු ලෝකෙටම ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් නේ. මේ ප්‍රශ්නෙ දිහා බලන විදියත් එක්ක තමයි මේ ප්‍රශ්නේ කොතරම් ලොකුවට ගන්නවා ද කියලා බලන්නේ. මේ වගේ ප්‍රශ්නයක් ආපු වෙලාවක මම බලපු විදිය මම කියන්නම්. කොවිඩ් 19 කියලා ආපු ගමන් මම බැලුවා කොරෝනා කියන්නේ මොකද්ද කියලා. මේක 1960 දී තමයි මුලින්ම ආවේ. එතකොට මොකද වුණේ. අවුරුදු 2ක් ඇතුළත මේක ඉවර වෙලා ගියා. ඊට පස්සේ 67 දී එනවා දෙවැනි පාර. 2002 දී එනවා තුන්වෙනි පාර. 2003 එනවා හතරවෙනි පාර. 2005 දී එනවා. 2012 දී එනවා. දැන් 2019 දී ආවා. හත්වෙනි පාරට එන්නේ. මම ඉස්සෙල්ලාම බැලුවේ 6 පාරක් වසංගතය ඇවිල්ලා කොහොමද මේක නැති වුණේ. ඉන්ජක්ෂන් එකක් ගහල ද? නෑ. ඒ මුලධර්මයෙන් තමයි මම ජීවත් වෙන්නේ. මම ඒක බැලුවට පස්සේ මට තේරුණා. මේක දවස් 8 – 10ත් අතර තියෙනවා. මේ ඇවිල්ලා තියෙන එක දවස් 6 – 7ක් වගේ ප්‍රමාණයකින් තමයි තවත් කෙනෙක්ට හැදෙන්නේ. මේවගේ 60 පාරක් ඒ කියන්නේ දවස් 360ක් ගියාට පස්සේ මෙයාගෙන් අනෙක් කෙනාට බෝවීම අඩුවෙන්න පටන් ගන්නවා. ඒ දවස තියෙන්නේ ලබන අවුරුද්දේ මාර්තු මාසේ 15 වෙනිදා. මේ දිනයෙන් පස්සේ සමහර රටවලට අවුරුද්ද පිරෙන රටවල්වල අඩුවීමක් දකින්න ලැබෙනවා. අපි වගේ කෙනෙක්ට ගෝල් එකක් තියෙන්න ඕනේ. අපි ඒක පොසිටිව් විදියට හදාගන්න ඕනේ මනස ඇතුළේ. මම අද කරන වැඩ කරන්නේ මේක අවුරුද්දයි මාස 5කින් ඉවරයි. එදාට කරන්න ඕන වැඩටික මම අද කරනවා. “

ෆෝබ්ස් වාර්තාවන්ට අනුව ලොව ලොකුම ධනවතා හැටියට සැලකෙන Amazon නිර්මාතෘ ජෙෆ් බෙසොස් ගේ වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 48 කින් මෙම වසරේ මාර්තු සිට ජූනි දක්වා වසංගත කාලය තුළ දී වර්ධනය වී ඇත.

එමෙන්ම ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ධම්මික පෙරේරාගේ සමස්ථ ආයෝජනවල වටිනාකම 2020 වසර තුළ දී රු. කෝටි 1,522 කින් මේ වන විට ඉහළ ගොස් ඇතැයි පසුගිය දා වාර්තා විය.

 



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3f90DTW
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();