ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග
සී එස්එන් නාළිකාවේ අයිතිකරු යෝෂිත රාජපක්ෂ බව පැවසුව හොත් රිමාන්ඩ් බන්ධනාගාරගත නොවී සිටීමට හැකි වන බවට තමාගෙන් කටඋත්තර ගත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් යම් ඇඟවීමක් කළ බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා දේශපාලන පළි ගැනීම් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙමින් ඊයේ (27) පැවසීය. 2013-2014 කාල වකවානුව තුළ සී. එස්. එන්. නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස තමන් කටයුතු කළ හෙයින් එම නාලිකාවේ සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එෆ්. සී. අයි. ඩී. ආයතනය විසින් තමාව ද අත්අඩංගුවට ගනු ලැබූ බව ඒ මහතා කොමිසමට කීය.
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා විසින් මෙම කොමිසමට යොමු කරන ලද පැමිණිල්ලට අදාළව පැමිණිලි පාර්ශ්වයේ නීතිඥ නවීන් මාරපන මහතා විසින් නිශාන්ත රණතුංග මහතාගෙන් සාක්ෂි විමසන ලදී.
නීතිඥවරයාගේ ප්‍රශ්න කිරීම් හමුවේ සාක්ෂිකරු පවසා සිටියේ සී. එස්. එන්. නාලිකාව සම්බන්ධයෙන් එෆ්.සී.අයි.ඩී. ආයතනය මගින් පැවැත්වූ විමර්ශනය යෝෂිත රාජපක්ෂ මහතා යම් අපරාධමය කරුණකට ඈඳවීමට ගත් උත්සාහයක් යැයි තමාට තේරුම් ගිය බවයි. යෝෂිත රාජපක්ෂ මහතා සී. එස්. එන්. නාලිකාවේ ක්‍රීඩා වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සඳහා සන්නාම කළමනාකරුවකු ලෙස කටයුතු කළා මිසක සීඑස්එන් නාලිකාවේ අධ්යක්ෂ මණ්ඩලයේ හෝ කළමනාකාරීත්වයේ ධූරයක් නො දැරූ බව ද සාක්ෂිකාර රණතුංග මහතා කොමිසම ඉදිරියේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පහන් විජේසේකර
0 Comments