Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හෝමාගම සභාපතිගේ මවගේ අවමගුලට පැමිණි පිරිස කොරොනා අවධානමක…නිරෝධායන නීති කිසිවක් පිළිපැද නැහැ.

පසුගියදා පැවති හෝමාගම ප්‍රදේශීය සභාවේ සභාපතිගේ මවගේ අවමගුලට පැමිණි අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමග  කොරොනා අවධානමක් හේතුවෙන් එයට පැමිණි පිරිස් සොයමින් නිරෝධායනය කිරීමට පියවර ගනිමින් ඇති බවට වාර්තා වේ.

මෙම අවමගුල් උත්සවය හෝමාගම හබරකඩ ප්‍රදේශයේ පැවති අතර ඒ සදහා විශාල පිරිසක් සහභාගී වී තිබුණත් නිරෝධායන නීති කිසිවකි අනුගමනය කර නොතිබූ  බවටද වාර්තා වේ.

මේ වන විට සම්පත් ජයසිංහ සභාපතිගේ සොහොයුරෙකු හට කොරෝනා වෛරසය වැලදී ඇති බවට දැනගැනීමට ලැබෙන අතර එය තහවුරු කර ගැනීම සදහා  අප හෝමාගම  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් කළ විමසීමකදී සදහන් කළේ ඒ පිළිබඳ තොරතුරු ලබා දිය නොහැකි බවයි.

එහිදී ඔහු වැඩිදරටත් සදහන් කළේ ප්‍රාදේශීය වශයෙන් කොවිඩ් වසංගතය පිළිබඳ තොරතුරු ලබා නොදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඔවුනට චක්‍රලේකයකයක් නිකුත්කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට අවමගුල් උත්සවයට පැමිණි හෝමාගම ප්‍රදේශයේ විශාල පිරිසක්  නිරෝධායනය සදහා යොමුකර ඇත.

…ගමගේ…

 

The post හෝමාගම සභාපතිගේ මවගේ අවමගුලට පැමිණි පිරිස කොරොනා අවධානමක…නිරෝධායන නීති කිසිවක් පිළිපැද නැහැ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments