Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යුද හමුදාපති 'සිළුමිණ' පුවත තහවුරු කරයි

මෙරට කොවිඩ් දෙවන රැල්ලේ මූලාරම්භය බොහෝ දුරට විදේශ රටක් වියහැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
 
'සිළුමිණ' පුවත්පත අද(18) මේ සම්බන්ධයෙන් පුවතක් ද වාර්තා කර තිබුනේ 'කොරෝනා දෙවෙනි රැල්ලේ මූලාරම්භය විදෙස් රටකින්' යන සිරස්තලය යටතේය. 
 
ඒ පිළිබඳ අද උදෑසන හමුදාපතිවරයා පැහැදිලි කරමින් වැඩිදුරටත් කියා සිටියේ "කන්දකාඩු කොවිඩ් සම්බන්ධතාවයේ අවසාන සොයා ගැනීම තිබුණේ අගෝස්තු මාසයේ. ඒ අනුව මෙරට සමාජය තුළ කොවිඩ් තිබුණේ නෑ. කොළඹ ප්‍රදේශය ගත්තත් සමාජයෙන් ආපු අවසාන පුද්ගලයා හිටියේ අප්‍රේල් මාසේ 30වැනි දා. විදේශ රටවලින් ලංකාවට පිරිස් පැමිණියා. මුහුදු කටයුතු සම්බන්ධයෙන් විදේශ රටවලින් ආපු 06දෙනෙක් ඊයේ දිනයේදීත් කොවිඩ් ආසාදිතයින් බවට පත්වෙලා තියෙනවා. ඒ අනුව බැලුවාම යම්කිසි ආකාරයක සොයා ගැනීම් අපි කරලා තියෙනවා. නමුත් අවසන් වශයෙන් ස්ථීර වෙනකම් කියන්න හැකියාවක් නැති තත්ත්වයක් තියෙන්නේ." යනුවෙනි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();