Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා සටනේ කල විශිෂ්ට සේවයට PHI මහත්වරුන්ට රජයෙන් යතුරුපැදි!

කොවිඩ් මර්ධන කාර්යන් සඳහා දායක වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදනවලින් යතුරුපැදි ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කරයි.

කොරෝනා වසංගතය දැඩිව ව්‍යාප්ත වී තිබූ අවධියක ඔවුන් විශිෂ්ට කාර්යභාරයක් ඉටුකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

යතුරු පැදි 807 ක් එදින බෙදාදීමට නියමිත අතර ඒ සියලු යතුරුපැදි හිමිවන නිලධාරීන් නියෝජනය කරමින් කැඳවන කණ්ඩායමකට යතුරු පැදි ප්‍රදානය කිරීම නිල වශයෙන් සිදු කරනු ඇත.

2020.09.18, සිකුරාදා පෙරවරු 10.30 ට කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී, ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ අතින් යතුරු පැදි ප්‍රදානය කරන අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ අමාත්‍යාංශ නිලධාරීන්ද එක්වීමට නියමිතය.

www.newsi.lk



from රට තොට – Colombo Tribune https://ift.tt/32BFZY4
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();