Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව ඉදිකළ ක්‍රීඩාපිටිය හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ

වැහැර පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු රෙජිමේන්තු මුලස්ථානයට ආසන්නයේ හෙරලියාවල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු මුලස්ථාන බළඇණි පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ක්‍රීඩාංගණය  (18) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.
 
මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීණි.
 
ප්‍රථමයෙන්, ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුවේ භටපිරිස් විසින් වර්ණවත් සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමුහ.
 
අද දින මෙම උත්සවයේ සුවිශේෂි අවස්ථාව සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සමරුඵලකය නිරාවරණය කර අභිනවයෙන් ඉදිකළ ක්‍රීඩාපිටිය විවෘත කරනු ලැබීය. 
ඉන් පසුව, කඳවුරු පරිශ්‍රයේ සංචාරය කළ යුද්ධ හමුදාධිපතිතුමන් මෙම සංචාරය සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය.
 
පසුව, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් ඇමතු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, දක්‍ෂ වෘත්තිකයින් ලෙස ජාතිය ගොඩනැගීමේ කාර්යභාර්යට යුද්ධ හමුදාව දක්වන දායකත්වයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.
 
“අද අපි ගම් කිහිපයකින් වට වූ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු රෙජිමේන්තු මූලස්ථානයේ හෙරලියාවල ප්‍රදේශයේ පිහිටි බළඇණි මුලස්ථානයේ ඉදිකළ විශාල ක්‍රීඩාපිටිය විවෘත කළෙමු.යුද්ධ හමුදා කඳවුර ස්ථාපිත කිරීමට ප්‍රථම මෙම ඉඩම අවට නීතිවිරෝධී ක්‍රියාවන් සිදුවූ බවත්, කඳවුර ස්ථාපිත කිරීමෙන් පසු ගම්වැසියන්ට ආරක්‍ෂාව හා ප්‍රතිලාභ ලැබු බවත් මෙම අවස්ථාවට වැඩමවා වදාළ භික්‍ෂුන් වහන්සේ නමක් සිදුකළ අනුශාසනාවේදී පැවසු බවයුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.
 
“ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ නිලධාරීන්ගේ සහ සෙසුනිලයින්ගේ ක්‍රීඩා කෞෂල්‍ය ඉහළ නැංවීමේ අරමුණින් අපි මෙම ක්‍රීඩාපිටිය ස්ථාපිත කළෙමු.අප දන්නා පරිදි, කුරුණෑගල ප්‍රදේශයේ ක්‍රීඩා කටයුතු සඳහා මීටර් 400 ධාවන පථ සහිත ක්‍රීඩාපිටි ඉතා කුඩා ප්‍රමාණයක් ඇති බැවින්අපි මෙම ක්‍රීඩාපිටිය ද නිසි ධාවන පථ ආදී පහසුකම් සහිතව හදන්නට බලාපොරොත්තු වෙනවා.”
 
“මෙම පහසුකම් හමුදාවට පමණක් නොව අවට පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද හිමිවනු ඇත” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පැවසීය.
 
“ත්‍රිවිධ හමුදාවේ විශේෂඥදැනුම උපයෝගී කරගනිමින් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා දිවයින පුරා පාසල්වල ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීමට සහාය වන ලෙස අතිගරු ජනාධිපතිතුමා අපට උපදෙස් ලබාදී ඇති අතර මේ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ දැනටමත් සාකච්ඡා සිදුකර ඇත.ඒ අනුව ත්‍රිවිධ හමුදා ක්‍රීඩා උපදේශකවරුන්, කඳවුරු, ක්‍රීඩාපිටි සහ අනෙකුත් සියලු පහසුකම් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් අප ලබාදීමට කටයුතු කරනවා.”
 
භටපිරිස් ඇමතීමෙන් අනතුරුව, මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය අගය කරමින් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු විශේෂ සමරු තිළිණයක්ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමීය.
 
උත්සවය කටයුතු අවසානයේ පැවති සියලුනිල තේපැන් සංග්‍රහයකට එක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී සියලුදෙනා සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ. යුද්ධ හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම සමුහ ඡායාරූපයකට ද එක්වූ අතර විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද සටහනක් තැබීය.
 
මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();