Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මත්තල ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩබැස්සවීමේ හා ගුවන් යානා නතර කිරීමේ ගාස්තුව වසරකට අත්හිටුවයි

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් යානා ගොඩබැස්සවීමේ හා ගුවන් යානා නතර කිරීමේ ගාස්තු අය කිරීම වසරකට සම්පූර්ණයෙන්ම අත් හිටුවයි.
 
මත්තල ගුවන් තොටුපළට ජාත්‍යන්තර ගුවන් යානා ගෙන්වා ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
 
ඊට අදාළ නියෝග පසුගිය (08) වෙනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරිණි.
 
ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වල දී උපරිම පිටත් වීමේ බර මෙට්‍රික් ටොන් 1 ක් සදහා අය කෙරෙන ගොඩබැස්සවීමේ ගාස්තුව ඩොලර් 4 කි.
 
ගුවන් යානා නතර කිරීමේ ගාස්තුව වන්නේ ගොඩබැස්සවීමේ ගාස්තුවෙන් 10%කි
 
මීට අමතරව මත්තල ගුවන් තොටුපලේ බිම් මෙහෙවර සේවා සදහා වට්ටම් අනුපාතයක් ලබා දීමට ද තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ වල බිම් මෙහෙවර සේවා (Ground Handling) ගාස්තු සෙසු කළාපීය ගුවන් තොටුපළට වඩා ඉහළ අගයක් ගනී. 
 
එය මත්තලට ජාත්‍යන්තර ගුවන් සමාගම් ආකර්ශනයට බාධාවක් බැවින් මෙම තීරණයට එළඹි බව ඇමතිවරයා ප්‍රකාශ කරයි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();