Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බස් ප්‍රමුඛතා මංතීරුවට ත්‍රිරෝද රථ සහ යතුරුපැදිත්

හෙට(16) සිට ක්‍රියාත්මක වන පරිදි, බස්, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි එකම මංතීරුවක ධාවනය කළ යුතු බව පොලීසිය සදහන් කරයි. 
 
රථවාහන මංතීරු රෙගුලාසිවලට අනුකූලව මෙම උපදෙස් නිකුත් කර ඇත. 
 
රථවාහන තදබදය අවම කිරීම සඳහා කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල ප්‍රධාන මාර්ග හතරක් කේන්ද්‍ර කර ගනිමින් බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ඊයේ සිට නැවත හඳුන්වා දෙන ලදී.
 
ඒ, අනුව බේස්ලයින් මාර්ගයේ නව කැළණි පාලමේ සිට ඔරුගොඩවත්ත, දෙමටගොඩ, බොරැල්ල, නාරාහේන්පිට හරහා හයිලෙවල්, බේස්ලයින් හන්දිය දක්වා මෙන්ම, ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පොල්දූව මංසන්ධියේ සිට රාජගිරිය ගුවන් පාලම, ආයුර්වේද වටරවුම, ඩී.එස්.සේනානායක මංසන්ධිය, හෝර්ටන් වටරවුම, පුස්තකාල හන්දිය සහ ලිබර්ටි වටරවුම දක්වා මංතීරු නීතිය ක්‍රියාත්මක වේ.
 
මීට අමතරව ගාලුපාරේ විලියම් මංසන්ධියේ සිට ඩික්මන් පාර මංසන්ධිය, බම්බලපිටිය, කොල්ලුපිටිය, ගාලුමුවදොර වටරවුම, එන්.එස්.ඒ වටරවුම දක්වා වන මාර්ගයේ ද මංතීරු නීතිය ක්‍රියාත්මකය.
 
එසේම අනුලා විද්‍යාලය ආසන්නයේ සිට හයිලෙවල් මාර්ගයේ, බේස්ලයින් මංසන්ධිය, පාර්ක් පාර මංසන්ධිය, තිඹිරිගස්යාය මංසන්ධිය, තුම්මුල්ල වටරවුම, ග්ලාස් හවුස් සහ පිත්තල හන්දිය දක්වා ද මංතීරු නීතිය ක්‍රියාත්මක වේ.
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();