අකුරැස්ස ප්‍රාදේශීය සභාව මගින් අළුතින් ආරම්භ කරන ලද ඝන අපද්‍රව්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේ නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රථම කොම්පෝස්ට් පොහොර තොගය අලෙවි කිරීම ඊයේ (21) සුබ මොහොතින් ආරම්භ විය.
පොහොර අලෙවි කිරීමේ සමාරම්භක අවස්ථාව දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ප්‍රථමයෙන් කොම්පෝස්ට් පොහොර කිලෝ 2000 ක් නිෂ්පාදනය කර ඇති අතර එම පොහොර තොගයම මිළදී ගැනීම සඳහා ගැනුම්කරුවන් විසින් ඉල්ලුම් කර ඇති බව අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති මුනිදාස ගමගේ මහතා පැවසීය.
සතියකට පොහොර කිලෝ 1000 ක් පමණ නිෂ්පාදනය ධාරිතාවක් මෙහි පවතින බව ද වාර්තා වෙයි
අවුරුදු 10 කටත් වැඩි කාලයක් තුල අකුරැස්ස නගරයේ දිනපතා එකතුවෙන කසළ බැහැර කරන්න අපිට ස්ථානයක් තිබුනේ නැහැ.
කසළ ව්‍යාපෘතිය තුලින් රැකියා කිහිපයක් බිහිවී ඇති බව ද වාර්තා වෙයි
විජිත සල්ගාදු - අකුරැස්ස මධ්‍යම විශේෂ
0 Comments