Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 3,234ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,234ක් දක්වා ඉහළගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. 
 
විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයින් 39 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ (13) දිනය තුළ හඳුනාගෙන තිබේ.
 
කටාර් හි සිට පැමිණි 16 දෙනෙකු , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 12 දෙනෙ, කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 06දෙනෙකු සහ මාලදිවයිනේ සිට පැමිණි දෙදෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස මෙලෙස හඳුනා ගෙන ඇත.
 
මීට අමතරව ඉතියොපියාවේ සිට පැමිණි අයෙක්,  තායිලන්තයේ සිට පැමිණි යුක්ක්‍රේන ජාතිකයෙකු සහ රතු මුහුද ආශ්‍රතව සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙකු  ආසාදිතයන් අතර වේ.
 
මේවන විට ආසාදිතයින් 226දෙනෙකු රෝහල්ගත ව ප්‍රතිකාර ලබයි. 
 
සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 2996ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();