ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ඉඳුනිල් ශාන්ත ගුණසේන ජයසිරි මුණසිංහ
ගම්බද ජනතාවගේ දුප්පත්කම දුරුකිරීම සඳහා කෘෂිකාර්මික භවභෝග අස්වනු වැඩි කර ගැනීමට, රාජ්‍ය නිලධාරීන්ගේ උපරිම සේවාව ලබාදීමට මැදිහත්වීම තම අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂක ඉඳුනිල් ශාන්ත ගුණසේන මහතා ප්‍රකාශ කළේය.
වරකාපොළ, අඹේපුස්ස, දොරවක, උඩබාගේ, ගලිගමුව, බෙලිගල ආදී ප්‍රදේශවල කුඩා කණ්ඩායම් හමුවලට එක්වෙමින් ඉඳුනිල් ශාන්ත ගුණසේන මහතා එසේ කීය.හෙතෙම මෙසේද ප්‍රකාශ කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම, රට නංවන පස් අවුරුදු වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට බලසම්පන්න පාර්ලිමේන්තුවක්, ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි. එමගින් තුනෙන් දෙක් ඉක්ම වූ බලයක් සහිත බලවත් ආණ්ඩුවක් තුළින් ජනතාවගේ ජීවනෝපාය වැඩි දියුණු වන සංවර්ධන සංග්‍රාමයක් ඇරඹිය හැකියි. ඒ වගේම යහපාලන ආණ්ඩුව ගෙනා රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීම උදෙසාම සිදු කළ රටේ මූලික නීතියේ එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයෙන් සිදු කළා වූ හානිය ඉවත්කිරීමටත්, ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහිකිරීම තුළින් සිදු කළ හැකියි. ඒ සඳහා කෑගලු දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස නවයෙහිම ජනතාව පෙළගැසී සිටිනවා.
19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රට මර උගුලක හිරකළා. මෙයින් රටේ සංවර්ධනය ආපස්සට යනවා. එය දියුණු වෙමින් පවතින රටකට ගැළපෙන්නේ නෑ. අපි ජනාධිපතිවරයාට තුනෙන් දෙකක බලයක් ලබාදී රටට ගැළපෙන, ජනතාවට සෙත සැළසෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරනවා.
ජයසිරි මුණසිංහ


0 Comments