Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති සෘජු දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටිය යුතුයි.

ඡන්ද විමසීමේ කාලසීමාව තුළ  රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති සෘජු දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව  අවධාරණය කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව සඳහන් කර ඇත.

දේශපාලන අයිතිය හිමි වුව ද අහිමි වුවද මැතිවරණ රාජකාරීවලට සෘජුවම දායකත්වය දක්වන රාජ්‍ය සේවයේ නියුතු සියලු පාර්ශව දේශපාලන කටයුතුවලින් බැහැර විය යුතු බව කොමිෂන් සභාව විසින් දැනුම්දී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව  පෙන්වාදී ඇත්තේ මැතිවරණයට අදාළව අපේක්ෂකයින් විසින් සංවිධානය කරනු ලබන උත්සව සඳහා වෘත්තීය සමිති නායකයින් ලෙස මෙන්ම දේශපාලන අයිතිවාසිකම් සහිත නිලධාරීන් ලෙස මාණ්ඩලික නිලධාරින් සහභාගී වී ඇති  බවයි.

The post රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති සෘජු දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටිය යුතුයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();