කුරුණෑගල ඓතිහාසික රාජසභා මණ්ඩපය සම්බන්ධයෙන් තමාගේ හඬ පටයක් ඉදිරිපත් කරන බවට පුරාවිද්‍යා කොමසාරිස්වරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරියේ දී නඩු පැවරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ඉකුත් දා සිරිකොතදී පැවති හමුවේදී එසේ සඳහන් කළ අකිල විරාජ් මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
එම හඬ පටය එළඹෙන මහා මැතිවරණය පැවැත්වෙන අගෝස්තු මස 5 දාට ප්‍රථම ප්‍රසිද්ධ කරන ලෙස පුරාවිද්‍යා කොමසාරිස්වරයාට අභියෝග කරනවා. කුරුණෑගල ඓතිහාසික රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් කර ඒ පිළිබඳ වරදකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස ඉල්ලා සිටිනවා. කුරුණෑගල මහනගර සභාව පුරපතිවරයාගේ අනුදැනුම මත එය කඩා දමා තිබෙන අතර ඒ ක්‍රියාව මෙරට සංස්කෘතික උරුමය සහ ප්‍රෞඪ ඉතිහාසයට එරෙහිව කරන ලද සාහසික අපරාධයක්. ඊට දායක වූ මහාමාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්ටත්, එයට සම්බන්ධ වයඹ පළාත් සභාවේ සම්බන්ධකම් දැක්වූ නිලධාරින්ටත්, ඇතැම් නාගරික මන්ත්‍රීවරුන්ටත් එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. කුරුණෑගල රාජසභා මණ්ඩපය පිළිබඳ හිටපු අධ්‍යාපන ඇමැතිවරයා වූ මගේ හඬපටය ඉදිරිපත් කරන බව වත්මන් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පුරසාරමක් දොඩා තිබෙනවා.
පුරාවිද්‍යාවේ නිලධාරිනුත් කුරුණෑගල ජනතාවත් දන්නවා කිසිම දැනුමක් නැති පුරපතිවරයෙකුගේ අනුදැනුමකින් මේ අපරාධය සිදුකොට ඇති බව.
මැද කොළඹ සමූහ -ආරියරත්න ගනේගොඩ
0 Comments