Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාතාලය අවසන් ගමනේ – අංගොඩ ලොක්කා ඉන්දියාවේදී වස දී මරා දමයි!

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මිය ගොස් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ තොරතුරු ලබා ගනිමින් සිටින බව වාර්තා වනවා.

අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගොස් ඇත්තේ ආහාර සමග වස කළවම් කොට ලබා දීමෙන් බව සඳහන්.

කලක් පටන් ඔහු ඇසුරු කරමින් විශ්වාසය දිනාගත් මෙරට කාන්තාවක් විසින් අංගොඩ ලොක්කාට මෙලෙස ආහාර සමග වස කළවම් කොට ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

සතියක පමණ කාලයක් අංගොඩ ලොක්කා ඉන්දියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඇතිවූ රෝගී තත්ත්වය මත ඔහු මියගොස් තිබෙන බචයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් කරුණු තහවුරැ කර ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

එසේ අංගොඩ ලොක්කා ජිවිතක්ෂයට පත්ව ඇත්නම් ඒ සම්බන්ධයෙන් අධිකරණය කරුණු වාර්තා කරන බවද ඔහු කියා සිටියා.



from රට තොට – Colombo Tribune https://ift.tt/2ZQnrlp
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();