කින්නියා පොලිස් වසමේ අල්අක්සා පාසල පාර ප්‍රදේශයේ දී පුපුරණද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ත්‍රිකුණාමලය විෂ මත්ද්‍රව්‍ය ඒකකය සමත් වෙයි.
ත්‍රිකුණාමලය විෂ මත්ද්‍රව්‍ය ඒකකයට ලද තොරතුරක් මත ඊයේ(26) සිදු කළ අදාළ වැටලීමේ දී පුපුරණද්‍රව්‍ය ග්‍රෑම් 201 මිලිග්‍රෑම් 400ක්, විද්‍යුත් නොවන ඩෙටනේටර් 04ක් හා සේවා නූල් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන කින්නියා පොලිසිය වෙත ඉදිරිපත් කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 42හැවිරිදි අයෙකි.
සැකකරු අද(27) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කින්නියා පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.  


0 Comments