මූල්‍ය සමාගම්වල මුදල් තැන්පත් කිරීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ඒ සම්බන්ධයෙන් වගකීම දරන්නේ රුපියල් ලක්ෂ 6ක් දක්වා ප්‍රමාණයක් සඳහා පමණක් බැවින් රටේ තැන්පත්කරුවන් මූල්‍ය සමාගම්වල මුදල් තැන්පති කිරීමේ දී තමන්ගේ තැන්පතු මුදලින් සුරක්ෂිතතාවය ඇති ප්‍රමාණ රුපියල් හය ලක්ෂයක් බව දැනුවත් වීම වැදගත් යැයි තමන් සිතන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
අර්බුදයට පත් “ද ෆිනෑන්ස්” මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන්ගෙන් රුපියල් ලක්ෂ 6 ක් දක්වා මුදල් තැන්පත් කර ඇති තැන්පත්කරුවන් සඳහා මුදල් නැවත ගෙවීම සඳුදා(08) සිට ආරම්භ කරන බව අමාත්‍ය වරයා මෙහිදී සඳහන් කළේය. මෙහී දී වැඩිදුරටත් කරුණු දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ,
“ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අරලියගහ මන්දිරයට පසුගිය දා කැඳවනු ලැබුවා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, නීතිපති දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරීන්. ඒ අය ගෙනල්ලා විශාල සාකච්ඡාවක් පැවැත්වුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා ‘ද ෆිනෑන්ස්’ සමාගම, ඉතා පැරණි ෆිනෑන්ස් සමාගමක්, එහි ඇති වෙලා තිබෙන තත්ත්වය තුළ ඒ ඈවර කිරීමේ කටයුතු කරන තෙක්, මේ සමාගමේ සියලූම තැනුපත්කරුවන්ට ලබන සඳුදා සිට, ලක්ෂ 6 බැගින් මුදල් ගෙවීම ආරම්භ කරන බව මහ බැංකුව විසින් අග්‍රාමාත්‍යතුමාට දැනුම් දුන්නා .” යි පැවසීය.
The post තැම්පත් කරද්දී ලක්ෂ හයයි appeared first on Lanka News Column.
0 Comments