Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමරිකාවේ කොරෝනා මරණ 110,000 ක්

8 ජුනි, 2020

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඇමරිකා ඒක්සත් ජනපදයේ 110,000 ක පමණ පිරිසක් මේ වනවිට මියගොස් තිබේ.

බලධාරීන් පවසන්නේ දිනකට රෝගීන් 1,000 ක් පමණ මියයන බවයි.

කෙසේ වුවද වයිරසයේ උච්චතම අවස්ථාව වූ අප්‍රේල් මැද භාගයේ දිනකට 2,000ක් පමණ මියගියේය.

ලොව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කරමින් ඇමරිකා ඒක්සත් ජනපදයේ මිලියන දෙකක පමණ පිරිසකට කොරෝනා ආසාදනයවී ඇතැයි සඳහන් වේ.

ලොව දෙවැනි ස්ථානයට පත්ව ඇති බ්‍රසීලය ආසාදිතයින් 672,000ක් සහ රුසියාව ආසාදිතයින් 467,000 ක් තහවුරු කර තිබේ.

ඇමරිකාවේ ඇලබාමා, දකුණු කැරොළිනා සහ වර්ජිනියා ප්‍රාන්තවල සතියක් තුළ නව ආසාදනයන් 35%කින් වැඩිවී ඇත.

වාර්ගික ආසාධාරණයට විරුද්ධව රටපුරා පවතින විරෝධතා රැළි මගින් වයිරසය තවදුරටත් ව්‍යාප්ත වනු ඇතැයි බලධාරීහු බිය පලකරති.

(රොයිටර් පුවත් ඇසුරිණි)



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();