කොරෝනා වෛරස් රෝගීන් දිනපතා වාර්තාගත ලෙස ඉහළ යාමක් පැවතියත් ඉන්දියාව සිය රට තුළ පනවා ඇති සීමා කිරීම් ලිහිල් කිරීමට සැලසුම් කර තිබේ.
එ අනුව ජුනි මස 08 වන දින සිට අදියර ත්‍රිත්වයක් ඔස්සේ එම කටයුතු සිදුකිරීමට ඔවුන් සැලසුම් කර ඇත.
ජුනි 08 වනදා සිට අවන්හල්, හෝටල්, සාප්පු මධ්‍යස්ථාන සහ පූජනීය ස්ථාන පළමු අදියරේදී බොහෝ ප්‍රදේශවල නැවත විවෘත කිරීමට අවසර දෙනු ලැබේ.
සති කිහිපයකට පසුව, බොහෝ විට ජූලි මාසයේදී පාසල් සහ විද්‍යාල නැවත ඉගැන්වීම ආරම්භ කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නමුත් ඉහළ කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාවක් සිටින ප්‍රදේශවල එම සීමා කිරීම ලිහිල් නොවන බව සදහන් වෙයි.
මේ වන විට ඉන්දියාවෙන් කොවිඩ් - 19 රෝගීන් 1 74,500ක් වාර්තා වන අතර මරණ 5000කට ආසන්න සංඛ්‍යාවක් සිදුව තිබේ. පසුගිය සෙනසුරාදා රෝගීන් 8,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.
0 Comments