Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෝක විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය හෙටයි

ලෝක විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය හෙටට(17) යෙදී තිබේ. 
 
මෙවර එහි තේමාව වන්නේ '2030 සම්බන්ධ කරමු : තිරසර සංවර්ධන ඉලක්ක සදහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය' යන්නයි. විශේෂයෙන් තොරතුරු සමාජ දියුණුව සදහා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණයේ දායකත්වය ද එදිනට සිහිපත් කෙරේ. 
 
සෑම වසරකම මැයි මස 17වනදා මෙම දිනය යොදා ගෙන ඇත්තේ 1865 වසරේ මැයි මස 17වනදින පළමු ජාත්‍යන්තර විදුලි සංදේශ පණිවුඩ සම්මුතියට පැරීසියේ දී අත්සන් තැබීම පදනම් කර ගෙනය. ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය බිහිවීම ද එදින සිදුවිය. 
 
2020 - 2023 සංගමයේ  උපාය මාර්ගික සැලැස්මට අනුව ඉදිරි වසර 10  තුළ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්‍ෂාත් කර ගැනීම සදහා තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයෙන් දායක වන්නේ කෙසේ ද යන්න කෙරෙහි මෙවර  විශේෂ අවධානයක් යොමු කෙරේ. 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();