දිවයින පුරා අද(17) ඇඳිරි නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ අද දින ඇඳිරි නීතිය අතරතුර කිසිවෙකුට අනවශ්‍ය ලෙස ගමන් බිමන් යාමට ඉඩ නොදෙන බවය.
ඇඳිරි නීතිය උල්ලංඝනය කරන ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඉරිදා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් සිදුකරන බව ඔහු පැවසීය.
ඊයේ (16) රාත්‍රී 8 සිට හෙට (18) අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය බලාත්මකව පවතී. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක වෙත ඊයේ රාත්‍රී 8.00ට ඇඳිරි නීතිය පැනවූ අතර එය හෙට අලුයම 5.00 දක්වා ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.
කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා නිරෝධායන නීති පිළිපැදිය යුතු යැයි අජිත් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
0 Comments