ඉන්දියාවේ නවදිල්ලියේ පල්ලියක් තුළ නීතිවිරෝධි ලෙස රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
කොවිඩ් -19 වෛරසය පාලනය කිරිම සඳහා ඉන්දීය රජය විසින් පනවා ඇති නිරෝධායන නීති උල්ලංඝනය කරමින් අදාළ පිරිස කටයුතු කිරිම හේතුවෙන් ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ජාතිකයන් දෙදෙනා බන්ධනාගාර ගත කර තිබේ. දිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මෙම ලාංකික පුරවැසියන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම පිළිබඳව දන්වා තිබේ. අනෙක් 11 දෙනා ඇප මත මුදා හැර ඇතැයි සදහන්වේ.
නිරෝධායන මාර්ගෝපදේශයන්ට අනුව, COVID-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මාර්තු 25 වන දින සිට ඉන්දියාව විසින් පනවා ඇති රට වසා තැබීමේ නීති අනුව ආගමික ස්ථාන සහ පූජනීය ස්ථාන වසා තබනු ඇත.
0 Comments