ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය අවසන් වී වසර 11 ක් සපිරෙන මේ අවස්ථාවේ අර්ථවත් වගවීමේ ක්‍රියාවලියක් සහතික කරන ලෙස කැනඩාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර සිටියි.
කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ පැවසුවේ ශ්‍රී ලංකාවේ පැවැති යුදමය වාතාවරණය නිමාවී 11 වන සංවත්සරය සනිටුහන් කරන අවස්ථාවේ දී එයින් විපතට පත් වූවන් සහ එම පවුල්වල ආදරණීයන් සමඟ එහි පිහිසුනුභාවය රැදී තිබෙන බවය.
කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ යුද්ධයෙන් පුද්ගලිකව පීඩාවට පත් කැනේඩියානුවන් බොහෝ දෙනෙකු හමුවී ඇති බවයි. එම පුද්ගලයින්ගේ අත්දැකීම් ඔස්සේ සදාකාලික සාමය හා සංහිඳියාව සඳහා අඛණ්ඩව කටයුතු කිරීමේ අවශ්‍යතාව සිහිගන්වන බව අගමැතිවරයා පවසනු ලැබේ.
කැනඩාව විසින් ශ්‍රී ලංකා රජයට යුක්තිය, සංහිඳියාව වෙනුවෙන් කටයුතු කිරීමට අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව අගමැතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.
0 Comments