Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා වයිරසයට එන්නතක් හැදීමට බිලියන 08ක අරමුදලක්

කොරෝනා වෛරසය මැඩලීමට එන්නතක් සංවර්ධනය කිරීමට සහ ප්‍රතිකාර සඳහා පර්යේෂණ සඳහා අරමුදල් සැපයීමට ඩොලර් බිලියන 8 කට වැඩි අරමුදල් ප්‍රමාණයක් ලබා දීමට ලොව රටවල් සහ සංවිධාන 40ක් පොරොන්දු වී ඇත.
 
එම රටවල් සහ පරිත්‍යාගශීලීන් යුරෝපා සංගමය විසින් පවත්වනු ලැබූ සමුළුවකට සහභාගී වෙමින් මේ බව සදහන් කර තිබේ. 
 
යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් පැවසුවේ මෙම අරමුදල් පෙර නොවූ විරූ ගෝලීය සහයෝගීතාවයකට සහාය වනු ඇති බවයි.
 
එය එක්සත්කම හා මනුෂ්‍යත්වයේ සැබෑ වටිනාකම පෙන්නුම් කරන නමුත් ඉදිරි දිනවලදී තවත් බොහෝ දේ අවශ්‍ය වනු ඇතැයි ඇය අනතුරු ඇඟවූවාය.
 
සමස්තයක් ලෙස රටවල් 30 කට වැඩි සංඛ්‍යාවක් එක්සත් ජාතීන්ගේ හා පරාර්ථකාමී ආයතන හා පර්යේෂණ ආයතන සමඟ මෙම පරිත්‍යාග කර ඇකැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
 
අමෙරිකා ඩොලර් මිලියනයක මුදලක් සුප්‍රිසිද්ධ පොප් ගායිකා මැඩෝනා මේ සදහා ලබා දීමට ද පියවර ගෙන තිබීම විශේෂත්වයකි.
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();