නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පසුගිය දා කාත්තන්කුඩි මූලික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වූවාය. ඇය එහිදී රෝහලේ පවතින අඩුපාඩු ගැන සොයා බැලුවාය.
දැනට රෝහලේ ඇති අංග සම්පූර්ණ දැඩි සත්කාර ඒකකය සදහා අවශ්‍ය කාර්යය මණ්ඩලය නොමැති නිසා එය භාවිතා කිරීමට හැකියාවක් නැති බව රෝහල් බලධාරීන් පෙන්වා දුන්හ. එය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය හැකි ඉක්මනින් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බව එහිදී ආණ්ඩුකාරවරිය කියා සිටියාය.
රෝහල් අධ්‍යක්ෂක එස්.එම්.ජාෆීර් මහතා එහි පවතින අඩුපාඩු ගැන ආණ්ඩුකාරවරිය දැනුවත් කළේය.
0 Comments