Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“කිසිම ආහාරයකින් කොරෝනා බෝ වෙන්නේ නෑ” – ලක්ෂ්මන් ගම්ලත්

කිසිදු ආහාර පානයක් කොරෝනා වෛරසය ආසාදනය වීම කෙරෙහි බලපාන්නේ නැති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් ගම්ලත් මහතා පවසයි.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඊයේ (02) දිනය වන විටපවතින තත්ත්වය පිළිබඳව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් ගම්ලත් මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

එම ප්‍රකාශයේ මෙසේ සඳහන්ය.

“මේ වන විට අප රටින් ස්ථීර වශයෙන්ම වාර්තා වී ඇත්තේ එකම එක කොරෝනා රෝගියායි. ඇයත් චීන ජාතික කාන්තාවක්. මේ වන විට එම රෝගියා සම්පූර්ණයෙන් ම සුවය ලබලා තිබෙනවා.

ඒ රෝගියාගේ ජෛව සාම්පල MRI රසායනාගාරයට යනවා තිබෙන්නේ. එය අවසන් ජෛව සාම්පලය.

එහි ප්‍රතිඵල ලැබුණු වහාම ඒවා හොඳ තත්ත්වයෙන් පවතිනවානම් රෝගියා වහාම රෝහලෙන් මුදවා හැරීමට කටයුතු කරනවා.

දැනය දියතලාවට ඇතුළු කරන ලද සිසුන් ඔවුන්ගේ පළමු දිනය නිම කරලා තිබෙනවා. තවත් දින 13 ක් ඔවුන්ට එහි රැදී සිටීමට සිදුවෙනවා.දිනපතා ඔවුන්ට පරීක්ෂා කරලා බලනවා. මේ වන විට කිසිදු පුද්ගලයෙකුට රෝගය ආසාදනය වුණු ලකුණු වාර්තා වෙලා නැහැ.

මොවුන්ව ඉතා සුපරික්ෂාකාරීව බලාගන්නවා වගේම තව දින 13 කින් පසු රෝග ලක්ෂණ වාර්තා නොවුණහොත් ඥාතීන්ට භාරකරන්න බලාපොරොත්තු වෙනවා. ඊයේ (02) දිනය වන විට කිසිදු රෝගියෙක් අලුතින් රෝහල්වලින් වාර්තා වෙලා නැහැ.

කිසිම ආහාරයකින් මේ කොරෝනා රෝගය බෝ වෙන්නේ නැහැ. මේ රෝගය බෝවෙන්නේ රෝගියෙකුගේ සෙම ශරීරගත වීමෙන්.

කිවිසුම් හෝ වෙනත් ක්‍රමයකින් රෝගියාගේ ආසාදිත ශ්‍රාවයන් තවත් කෙනෙකුගේ ශරීර‍ය මත පතිතවීමෙන් හෝ ශාරීරයට පතිත වීමෙන් පමණයි.

ඒ නිසා කිසිම ආහාර වර්ගයකින් ‍මේ රෝගය බෝ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් බියක් ඇති කර ගත යුතු නැහැ.”

The post “කිසිම ආහාරයකින් කොරෝනා බෝ වෙන්නේ නෑ” – ලක්ෂ්මන් ගම්ලත් appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();