මැතිසබය විසුරුවා හැරීම සඳහා මාර්තු මාසයේ මුල්භාගයේ සුබනැකැත් දෙකක් රජයට ලබාදී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. මාර්තු 10ට පෙර දින දෙකක මෙම සුබ නැකත් යෙදී ඇතැයි දැනගන්නට තිබේ.
කලින් යෝජනා වී තිබුණේ මාර්තු මස 3දා මැතිසබය විසුරුවා හැර අප්‍රේල් මස 25දා මහ මැතිවරණය පැවැත්වීමටයි. එහෙත් ඒ සම්බන්ධයෙන් රජයේ හා විපක්ෂයේ ප්‍රධානීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගෙන් පැමිණිලි ගණනාවක්ම ලැබී තිබිණි. ඡන්ද ප්රචාරක ව්‍යාපාරය පැවැත්වෙන කාලය තුළ අවුරුදු උත්සව පැවැත්වෙන නිසා දේශපාලනඥයන් ඊට ආධාර කළයුතු බැවින් මැතිවරණ වියදම් ඉහළ යාම දරා ගැනීම අපහසු බව ලැබී තිබුණ පළමු පැමිණිල්ලේ සඳහන්ය.
දෙවැනි පැමිණිල්ලේ සඳහන් වන්නේ අප්‍රේල් 9දා ආරම්භ වන අවුරුදු නිවාඩුව අප්‍රේල් 19දා හමාරකොට පිට පළාත්වලින් අගනුවරට සේවයට පැමිණෙන පිරිස් 25දා ඡන්දය භාවිතයට නැවත සිය ගම් ප්‍රදේශ බලා නොයනු ඇත යන්නයි. මෙලෙස පිට පළාත්වලින් අගනුවරට පැමිණ සේවය කරන ඡන්ද දායක පිරිස ලක්ෂ 7ක් පමණ විය හැකි බැවින් ඒ ගැනද අවධානය දක්වා මැතිවරණය පැවැත්විය යුතු යැයි පක්ෂ විපක්ෂ කණ්ඩායම් දෙකේම මන්ත්‍රීන් යෝජනා කර ඇතැයි පැවසේ.
0 Comments