8 පෙබරවාරි, 2020
පක්ෂයේ අපි දෙකට බෙදී නැහැ
ඉදිරි මහ මැතිවරණයට ඔබලා සූදානම් ද?
අපි මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. විශේෂයෙන්ම සන්ධානයක් හැටියට තමයි ඉදිරිපත් වන්නේ. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පක්ෂ රැසක් මේ හ්සඳහා එක් වෙනවා.
මේ සන්ධානය ලියාපදිංචි කරන්න අප කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග සිදු කරමින් සිටිනවා.
ඉදිරි දින කිහිපයේදී මේ සියල්ල අවසන් කරනවා. අදාළ පක්ෂ සහ අනෙකුත් සංවිධාන සමඟ මේ සම්බන්ධව අපි සාකච්ඡා සිදු කරනවා. විශේෂයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සමඟ ද සාකච්ඡා සිදු කළා.
මේ සම්බන්ධව ප්‍රාදේශීය, පළාත් මට්ටමින් ජනතාව දැනුම්වත් කරලා තිබෙනවද? ජනතා ප්‍රතිචාර කෙසේද?
ඇත්තටම මේක ජනතාවගේ ඉල්ලීමක් තමයි. රටේ සෑම ප්‍රදේශයකම සාමාන්‍ය ජනතාව මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ බහුතර ජනතා කැමැත්ත සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා බවට පත් කර ඔහුව මේ රටේ අනාගත අගමැති බවට පත් කිරීම.
එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම අප ගොඩනඟන සන්ධානයේ සහයට එක්වන අනෙකුත් සියලුම පක්ෂ සම්බන්ධ කර ගනිමින් ප්‍රාදේශීය, පළාත් සහ ජාතික මට්ටමින් දැවැන්ත පුළුල් මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයක් මෙන්ම අපගේ අරමුණ පැහැදිලි කරනවා.
ඔබලා තරගවදින්නේ කුමන පක්ෂ ලකුණ යටතේද? මේ වන විට ජනමාධ්‍ය වලින් ඒ සම්බන්ධව නොයෙක් ප්‍රචාරයන් සිදු කෙරෙනවා. ඔබලාට පක්ෂ ලකුණක් නොමැති බව පැවසෙනවා. මේක ඇත්තක් ද?
අලියා ලකුණෙන් හෝ වෙනත් ලකුණකින් තරග වදිනවාද නැද්ද යන්න බොහෝ දෙනා අපගෙන් විමසා සිටිනවා. තවත් අය බොහෝ දෙනකු පවසන්නේ අප රාජලියා ලකුණෙන් තරග වදින බව. අපි තවම ස්ථීරවම තීරණය කරලා නැහැ. තරග වදින ලකුණ පිළිබඳව නමුත් අප අලුත් ලකුණකින් තරග වැදීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව නව ලකුණකින් තරග වදින්න බලාපොරොත්තු වනවා.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව මේ වන විට අර්බුදයක් තිබෙනවා. මේ අර්බුදයත් සමඟ මැතිවරණයට මුහුණ දෙන්නේ කොහොමද ?
අප අතර එහෙම අර්බුදයක් නැහැ. මොකද පක්ෂ නායකත්වය මැතිවරණයට බලපානවා කියලා මම හිතන්නේ නැහැ. නමුත් මැතිවරණවලදී අප පෞද්ගලික මත සියල්ල බැහැර කරලා පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් එකමුතු වෙනවා.
විරුද්ධ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකවම තීරණය කරා අප ගොඩ නගන සන්ධානයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට. එම සන්ධානයේ මහ ලේකම් වරයා ලෙස මගේ නමත් ඒකමතිකව තීන්දු කළා. මේ සඳහා කිසිම අයෙකුගේ විරෝධයක් තිබුණේ නැහැ.
නමුත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියා එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පොදු දේශපාලන සන්ධානයේ මහ ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කරන ලෙසට එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඉදිරි පත්වූ යෝජනාව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර සම්මත කරගන්නා ලෙස
ඔබ මේ පිළිබඳව දරන මතය?
අපගේ මන්ත්‍රීවරුන් කණ්ඩායම පොදු සන්ධානයේ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට තීරණය කර අවසන්. එහි මහලේකම්වරයා ලෙස මා පත් කළා. මේ කරුණු සියල්ල පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කළා. ඔහු මේ සඳහා අනුමැතිය ලබා දුන්නා. මා හිතන්නේ ඉදිරියේදී මේ සම්බන්ධව ගැටලුවක් නැති වේවි.
මේ වන විට සජිත් පිල රනිල් පිල ලෙස එක්සත් ජාතික පක්ෂය පිල් දෙකකට බෙදිලා නේද? මේ ගැටලුව උග්‍ර වෙමින් පවතින බව ජනමාධ්‍ය වාර්තා කරනවා. මේක ඇත්තක්ද?
එහෙම කිසිම බෙදීමක් නැහැ. අප එය පිළිගන්නේ නැහැ. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් සියල්ලටම මේ නායකයන් දෙදෙනාම සහභාගි වෙනවා. අවසන් වරට ඉකුත් පස් වෙනිදා බදාදා තිබුණු මන්ත්‍රී කණ්ඩායම් හමුවට මේ නායකයන් දෙදෙනාම සහභාගි වුණා. මේවා මාධ්‍යයේ පළ වන බොරු ප්‍රකාශ කියලා මා නොබියවම පවසනවා.
ඔබ ඉතා වග කීමෙන්ද ප්‍රකාශ කරන්නේ. ඔබලා දෙකට බෙදිලා නෑ කියලා?
ඔව් මම ඒක පැහැදිලි කරනවා. අප දෙකට බෙදිලා නෑ කියන එක. වෙනත් පක්ෂ සහ යම් යම් කණ්ඩායම් දිගින් දිගටම උත්සාහ දරනවා අපි දෙකට බෙදුණු බව ප්‍රකාශ කරන්න ප්‍රචාරය කරන්න.
එය ඔවුන්ගේ අසාර්ථක උත්සාහයක් කියන එක මා ඔවුන්ට මතක් කරන්නට කැමතියි. මැතිවරණයේ ප්‍රතිඵල මේ පිළිබඳව සාක්ෂි දරාවි කියන එක මගේ මතයයි.
ඔබලා ජාතික ආණ්ඩුවක් පිළිබඳව කතා කරන බව ප්‍රකාශ වනවා.
මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවාද?
අපේ පක්ෂයවත් සන්ධානයවත් එහෙම තීරණයක් අරගෙන නෑ. මේ පිළිබඳව මෙතෙක් අප අතර කතා බහක් ඇති වෙලත් නැහැ. එක් එක් අය තමන්ගේ පෞද්ගලික මත ප්‍රකාශ කරනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ.
ජනාධිපතිවරණය සහ ඊට පෙර නිරන්තරයෙන් කතා බහට ලක් වුණු බැඳුම්කර වංචාව පිළිබඳව මේ දිනවල කියවෙනවා. ඔබ හිටපු ඇමතිවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මේ පිළිබඳව දරන මතය කුමක්ද?
මේ සම්බන්ධව සිටින සියලුම වරදකරුවන් නීතියේ රැහැනට හසු කර ගත යුතුයි. තරාතිරම නොබලා දඬුවම් ලබා දිය යුතුයි. මෙවැනි වංචාවන් සිදු කරලා සැඟවිලා ඉන්න බැහැ. කෙසේ හෝ ඔවුන්ව නීතියට කොටු වෙනවා. කියන එක මගේ මතයයි.
දැන් ජනතාව දන්නවා 2015 ට පෙරත් මෙවැනි බැඳුම්කර වංචාවක් මේ රටේ සිදුවුණු බව.
2015 පෙර බැඳුම්කර මගඩියක් වෙලා තිබෙන බව දැන් කිය වෙනවා. 2015 ට පෙර සහ පසු මේවාට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
from silumina
0 Comments