
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත්ර භාරගැනීමේ කටයුතු අද(17) පස්වරු 04.00 දක්වා පමණක් අවස්ථාව ලබා දී තිබේ. ඕනෑම නව දේශපාලන කණ්ඩායමකට ඒ සඳහා හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
මේ වනවිට අයදුම්පත්ර 70ක පමණ ප්රමාණයක් ලැබී ඇති අතර ඒවායින් බොහෝමයක් අසම්පුර්ණ අයදුම්පත් බව එම කොමිෂන් සභාව පවසයි.
එම කණ්ඩායම් සිය නිවැරදි අයදුම්පත්ර අද දිනයේ දී හෝ මැතිවරණ කොමිෂන් සභාව වෙත රැගෙනවිත් භාරදීමට කටයුතු කරන ලෙස ඔවුන් ඉල්ලීමක් කර තිබේ.
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කටයුතුවලට අදාළ අයදුම්පත් භාර ගැනීම ආරම්භ වූයේ ජනවාරි මස 17 වන දිනයි.
ඉදිරියේ දී ලැබී ඇති අයදුම්පත්ර පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකිරීමට කටයුතු කරන බවද සඳහන්.
කෙසේවෙතත් මාර්තු මස 02 වන දින හෝ ඊට ආසන්න දිනකදී යම් හෙයිකින් මහමැතිවරණය කැඳවනු ලැබුවහොත් මෙම ලියාපදිංචි කිරීමේ කටයුතු කල් දැමීමට සිදුවන බවද මැතිවරණ කොමිසමේ ප්රකාශකයා සඳහන් කළේය.
The post අලුත් පක්ෂ වලට අද විතරයි appeared first on Lanka News Column.

0 Comments