Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කුවේට් ගෘහ සේවයට ගොස් හිරිහැරවලට ලක්වූ කාන්තාවන් 45ක් දිවයිනට

 කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් විවිධ හිරි හැරවලට ලක්වූ කාන්තාවන් 45 දෙනෙකු අද(14) අලුයම දිවයිනට පැමිණ ඇත.
 
පසුගිය වසර දෙක තුළ කුවේටයේ රැකියා සඳහා ගිය කාන්තාවන් පිරිසක් මෙසේ පැමිණ තිබේ. වැටුප් නොලබා විවිධ හිංසාවන්ට ලක්ව සිටි මෙම පිරිස කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණය ලබමින් සිටියාය. දිවයිනට ගෙන්වා ගත් මෙම කාන්තාවන්ට සිය නිවෙස්බලා යාමට අවශ්‍ය බස් ගාස්තු ලබා දීම සිදුකළේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසිනි.
 
මේ අතර නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි කාටන් 454 ක් කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගැනුනි. එහි වටිනාකම රුපියල් ලක්ෂ 45 කට අධික බව රේගු නිලධාරීන් පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();