Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එජාපයේ ප්‍රශ්න හන්දි ගානේ එපා

2020 දී ජනතා ජයග්‍රහණයක් ලබාගත හැකි ශක්තිමත් එක්සත් ජාතික පක්ෂයක් ඉක්මනින් බිහි කරන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ, එලඹෙන නව පාසල් වාරය වෙනුවෙන් උතුරු කොළඹ සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පාසැල් ශුද්ධ පවිත්‍ර කිරීමේ අවස්ථාවකට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“එක්සත් ජාතික පක්ෂය ඇතුලේ ගැටලු තියෙන බවට කතා බහක් තියෙනවා.

පක්ෂය ඇතුලේ එහෙම ගැටළුවක් තියෙනවා නම්, ඒ ගැන අපි විමසීමක් කරලා, සතියක් යන්නට කලින් විසදුම් ලබා දෙනවා.  හැබැයි මේක මේ හන්දි ගානේ කතා කළ යුතු ප්‍රශ්නයක් නොවෙයි. ජනතා ජයග්‍රහණයක් ලබාගත හැකි ශක්තිමත් එක්සත් ජාතික පක්ෂයක් අපි ඉතා ඉක්මණින්ම හදනවා.”යි ඔහු එහිදී වැඩි දුරටත් පවසා සිටියේය.

“අපට රාජපක්ෂවරුන්ගෙන් ලබාගත හැකි ලොකුම පාඩම තමයි, එතුමාලා පරාජය වුණ දිනයේ පටන්ම ජයග්‍රහණය වෙනුවන් සැලසුම් කිරීම. ඒක අපි ආදර්ශයට ගත යුතුයි.

නමුත් අපේ පක්ෂයේ එක්කෙනෙක් දෙන්නෙක් අභ්‍යන්තරව ඊර්ෂ්‍යා සහගතව කටයුතු කිරීම තමයි මේ පක්ෂයේ පරාජයට හේතුව. මේ තත්තවයන් නිවැරදි කරලා. 2020 දී ජයග්‍රහණය කරා පක්ෂය ගෙනයාමට අපි කටයුතු කරනවා”යි ඔහු මෙහිදී මාධ්‍යවෙත පැවසීය.

 

The post එජාපයේ ප්‍රශ්න හන්දි ගානේ එපා appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();