Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව වසරේ පළමු චන්ද්‍රග්‍රහණය දුරුතු පුර පසලොස්වක පොහොය දා

නව  වසරේ පළමු  චන්ද්‍රග්‍රහණය ජනවාරි 10 වන පුර පසලොස්වක දින රාත්‍රියේ සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.  
 
සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීම ඇරඹීමත් සමඟ මෙය සිදුවන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.
 
මෙම ග්‍රහණය  ඡායා චන්ද්‍රග්‍රහණයක් වන අතර ලංකාවේ සම්මත වේලාවෙන් ජනවාරි 10  රාත්‍රී 10.38 ට චන්ද්‍රයා පෘථිවියේ උපඡායාවට (අඩ අඳුරු සෙවනැල්ල) ඇතුළුවීමත් සමඟම ග්‍රහණය ආරම්භ වෙයි. 
 
ග්‍රහණය අවසන් වනුයේ 11 දින අළුයම  2.42 ට ය. 
 
උච්චතම ග්‍රහණ අවස්ථාව  සිදුවන්නේ 10 දින මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 40 ට බව ද මහාචාර්යවරයා පවසයි.
 
ඡායා චන්ද්‍රග්‍රහණයක දී චන්ද්‍රයා පෘථිවියේ තද අඳුරු සෙවණැල්ලට (පුර්ණඡායා වට) ඇතුළු නොවන අතර චන්ද්‍රයා පෘථිවියේ අඩඅඳුරු සෙවණැල්ල (උපඡායාව) තුළින් පමණක් ගමන් කරන නිසා මෙම සුවිශේෂී  ඡායා චන්ද්‍රග්‍රහණය අපට පූර්ණ හෝ අර්ධ චන්ද්‍ර ග්‍රහණවල මෙන් අඳුරු සෙවනැල්ලකින්  වැසී නොපෙනෙන බවද චන්දන ජයරත්න මහතා පෙන්වා දෙයි.
 
නමුත් සඳෙහි දීප්තිය තරමක් අඩු නොවන බවත් එම නිසා ඡායා චන්ද්‍රග්‍රහණ පියෙවි ඇසින් දැක හඳුනා ගැනීම තරමක් දුෂ්කර බවත් ඒ මහතා පවසයි.  
 
ශ්‍රී ලංකාවට අමතරව මෙම චන්ද්‍රග්‍රහණය යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු ඇමරිකාවේ වැඩි කොටසක්, නැගෙනහිර දකුණු ඇමරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් වැනි රටවලට ද දිස්වෙයි.
 
මෙම වසරේ ග්‍රහණ හයක් ඇති අතර ඒ  සූර්යග්‍රහණ 4 ක්, වළයාකාර  සූර්යග්‍රහණ 01 ක් සහ පූර්ණ සූර්යග්‍රහණ 01 ක් වශයෙනි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();