පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අයගේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ඉවත් කර ඇත.
පක්ෂයේ සාමූහික විනය කඩකිරිමේ චෝදනාව මත මෙම තීරණය ගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළහ.
එක්සත් ජාතික පක්ෂයේ නව කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (29) දිනයේ පත් කෙරුණු අතර අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයාගේ සහ සරත් ෆොන්සේකාගේ නම ඊට ඇතුළත් කර නොමැති බව සඳහන් වෙයි.
ඒ අනුව ඔවුන් දෙදෙනාට අද (30) පස්වරුවේ පැවැත්වෙන එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමට සහභාගී විය නොහැකි බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 03.00ට රැස්විමට නියමිතව ඇත.


0 Comments