Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි තවත් මාස කිහිපයක්

ස්ට්‍රේලියාව පුරා පැතිර යන විනාශකාරී ලැව්ගිනි තවත් මාස කිහිපයක් පවතිනු ඇති බව එරට අග්‍රාමාතය ස්කොට් මොරිසන් පවසයි. වික්ටෝරියා සහ නිව් සවුත්වේල්ස් හි ඊයේ(05) දිනයේ දී සුළු වැසි ඇතිවීම හේතුවෙන් ලැව්ගිනි තරමක් මැඩපැවැත්වී ඇතැයි වාර්තා වේ. 
 
ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ දී ඔස්ට්‍රේලියාවේ මෙම ලැව්ගිනි තත්ත්වය ඇති විය. ඒ හේතුවෙන් මෙතෙක් මිය ගිය පුද්ගලයින් ගණන 24කි. 
 
ඔස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර වාතයේ ගුණාත්මකඵාවය ද පසුගිය සති අන්තයේ අතිශය නරක අතට හැරී තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනි. 
 
ගින්නෙන් නිවාස මා ව්‍යාපාර අහිමිවූවන්ට උපකාර කිරීම සදහා විශේෂ ආයතනයක් පිහිටුවීමට කටයුතු කරන බවද එරට අග්‍රාමාත්‍යවරයා නිවේදනය කර ඇත. සිය වගකීම පැහැර ඇති බවට දැඩි ජනතා විරෝධයක් අගමැතිවරයා වෙත එල්ල වී ඇති මොහොතක, ඔහු මෙවැනි තීරණවලට එළඹීම කැපී පෙනෙනු ඇත. 
 
ප්‍රදේශ කිහිපයක ලැව්ගිනි ක්‍රමයෙන් පහව යන නමුත් මුළුමණින්ම අවසන් වී නොමැත. 
 
ඉදිරි දින කිහිපයේ දී වැසි ඇතිවිය හැකි බවට ද එරට කාලගුණ බලධාරීන් විශ්වාසය පළ කරනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරනු ලැබේ. 
 
 
 
 
 
 
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();