Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමෙරිකාව ඉරානයේ හමුදා නායකයාව ඝාතනය කරයි

ඉරාන පාලනයේ දෙවැනි බලවත්ම පුද්ගලයා සේ සලකන මෙිජර් ජනරාල් කසේමි සොලෙයිමානි (Qassem Soleimani ) ඇමරිකාව විසින් අද උදෑසන රොකට් ප්‍රහාරයක් එල්ල කොට ඝාතනය කර තිබේ. බැග්ඩෑඩ්ගුවන්තොටුපල ඔහුගේ රථයේ සිටියදී මෙම ප්‍රහාරය එල්ල කොට ඇත.  Iranian Revolutionary Guard Corps’s Quds Force ලෙස හදුන්වන ඉරාන මිල්ටරි අංශයේ මෙන්ම එරට හමුදා ප්‍රධානියාද වූ සොලෙයිමනි මරා දමන විට 62වන වියේ පසුවිය. 1957 මාර්තු 11 දා උපන් ඔහු ගෙවුණු කාල පරිච්ඡේදය තුළ ඉරානය යුධමය වශයෙන් ඔසවා තැබූ පුද්ගලයා ලෙස හදුන්වයි.

ඔහුගේ යුධ උපක්‍රම හා උපායන් ඉරාක ඉරාන යුද්ධය දක්වා දිගු වන අතර  රුසියාව, එක්සත් ඡනපදය බ්‍රිතාන්‍ය හා ප්‍රංශය ඉරාකයේ පාර්ශවය ගනිද්දී හුදකලා සටනක් කර එකී සටනින ඉරානය පරාජයේ අවමානයෙන් බේරාගත් පුද්ගලයා ලෙසද සොලෙයිමානි හදුන්වයි.

මිට දින දෙකකට පෙර ‍‍පෙරේදා ඉරාකයේ බැග්ඩෑඩ් හි පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යලයට එල්ල කළ ප්‍රහාරයට පලිගැනීමක් ලෙස මෙම ඝාතනය හදුන්වනු ලබයි. එල්ල කළ මිසයිල ප්‍රහාරයේදී සොලෙයිමානි සහ ඔහුගේ ආරක්ෂකයන් රැගත් වාහන දෙකම සම්පුර්ණයෙන් විනාශ වී තිබුණු බව විදෙස් වාර්තා පවසයි.

ඝාතන ප්‍රහාරයෙන් පසු පෙන්ටගනය නිකුත්කළ වාර්තාව බ්‍රිතාන්‍යයේ ඩෙිලි මෙිල් ඉදිරිපත් කර තිබුණේ ‘ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම මත එක්සත් ජනපද හමුදාව විසින් විදේශ ත්‍රස්තවාදී සංවිධානයක් වන ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ-කුඩ්ස් බලකායේ ප්‍රධානී කසෙම් සොලෙයිමනී ඝාතනය කිරීමෙන් එක්සත් ජනපද හමුදා විදේශයන්හි ආරක්ෂාව සඳහා තීරණාත්මක ආරක්ෂක පියවර ගෙන තිබේ.’ යනුවෙනි.

The post ඇමෙරිකාව ඉරානයේ හමුදා නායකයාව ඝාතනය කරයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();