ශ්‍රි දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍ය සෑම වසරකම ජනවාරි මාසයේ දී සිදු කරනු ලබයි.
මෙය අදියර කිහිපයකින් යුක්ත මංගල්‍යයකි.ඉකුත් ජනවාරි 04 සහ 05 දිනවල විශේෂ කාර්යයක් සිදු විය ශ්‍රි දළදා මාළිගාවට අදාළ වී ගබඩාව පිහිටා ඇත්තේ පල්ලේකැලේ පිහිටි මාළිගාවට අයත් ඉඩමකය.
දළදා අටුවාවේ ගබඩා කර ඇති අළුත් අස්වැන්නෙන් ලැබෙන වී සහල් අවශේෂ විහාර දේවාල වලට ලබා දීම ඉකුත් 04 සහ 05 දින දෙක තුළ දියවඩන නිළමේතුමා හා බස්නායක නිළමේවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
දළදා මාළිගාවේ සිට පෙරහැරින් දියවඩන නිළමේතුමා පල්ලේ කැලේ පිහිටි අටුවාව වෙත ගමන් කරන ලදි.
පෙරහැර අවසන් වී නැටුම් හා බෙරවාදකයින්ගේ සංදර්ශනයෙන් අනතුරුව කැවුම් කිරිබත් ආදියෙන් පිරිසට සංග්‍රහ කිරීම සිදු කරනු ලබයි.
ඉන් පසු දළදා මාළිගාවේ ලේකම්වරයා විසින් බෙදිය යුතු සහල් ප්‍රමාණය කියවා බෙදා දීම සිදු කරනු ලබයි.
ලබන 10 වන දිනට යෙදෙන දුරුතු පොහෝය දිනයේ දී අලුත් සහල් වලින් කිරිබත් සදා දළදා වහන්සේ වෙත පූජා කිරීම සිදු කිරීමට නියමිතය.
0 Comments