Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඕස්ට්‍රේලියාවේ නිවාස 200කට වැඩිය ලැව්ගින්නෙන් විනාශයි

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින ලැව් ගිනි වෙරළාසන්න ප්‍රදේශවලට පැතිර යාම හේතුවෙන් නිවාස 200කට වැඩි සංඛ්‍යාවක් ගිනිගෙන විනාශ වී තිබේ. මැලකූටා නගරයට අනතුරු ඇඟවීමෙන් පසු එහි ජනතාව වසරේ අවසාන දිනය ගත කිරීමට සිදු වූයේ මුහුදු වෙරළේය. වාර්තා වන අන්දමට වික්ටෝරියාහි නැඟෙනහිර ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ නිවාස 43ක් පමණ ද නිව්සවුත්වේල්ස් හි නිවාස 200ක් ද මෙසේ ගිනිගෙන තිබේ. නිව්සවුත් වේල්ස් සිට වික්ටෝරියා දක්වා කිලෝමීටර 500ක් ඇතුළත විවිධ ස්ථානවල ලැව් ගිනි පැතිරී ගොස් ඇත.

මේ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය වන 'ප්‍රින්සස් හයිවේ' මේ වන විට වසා දමා ඇති අතර, වෙරළබඩ නිවාඩු ගතකිරීමට සුදුසු ස්ථාන කිහිපයක් ද අවහිර කර ඇත. ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වීම සඳහා පැය දෙකක කාලයක් පමණක් එම මාර්ග විවෘත කිරීමට බලධාරීහු පියවර ගෙන තිබුණි.

නිව්සවුත් වේල්ස් ප්‍රදේශයේ තවත් පුද්ගලයන් දෙදෙනෙකු මේ ලැව් ගිනි හේතුවෙන් මිය ගොස් ඇති බව බලධාරීහු තහවුරු කළහ. ඒ අනුව, ලැව් ගිනි හේතුවෙන් මියගිය සම්පූර්ණ ගණන 12 දක්වා ඉහළ ගොස් තිබේ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();