Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකන් ගුවන් සේවයට ජනපතිගේ ස්තූතිය

ඉන්දීය රාජ්‍ය සංචාරයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබාදුන් විශිෂ්ඨ ආගන්තුක සත්කාරයටද සිය ස්තූතිය පුදකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.
 
ශ්‍රී ලංකන් ගුවන් සේවය, ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රි ලාංකේය නාමය ලෝකයේ දිග්විජය කරමින් සශ්‍රිකව ඉදිරියට යනු ඇතැයි විශ්වාස කරන බවද ජනාධිපතිතුමා සදහන් කර ඇත. 
 
එසේම සිය  ඉන්දීය සංචාරය තුළින් ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර ඓතිහාසික බැඳීම පුනර්ජීවනය වු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ  සිය ඉන්දීය සංචාරය ඉතා සාර්ථක බවයි.
 
අපගේ අසල්වැසි ජාතියේ විශිෂ්ඨ පිළිගැනීම ආගන්තුක සත්කාරය සහ ගෞරවය අගය කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
 
සෑම අංශයකින්ම ඉන්දීයාව සමඟ උණුසුම් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ද්විපාර්ශවික සබදතා පවත්වාගැනීමට බලාපොරොත්තු වන බව ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ සටහන මඟින් පෙන්වා දී තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();