Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාස්කු ප්‍රහාරයේ ජනපති කොමිසමේ අතුරු වාර්තාව හෙට ජනපතිට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අතුරු වාර්තාව හෙට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතව ඇත.

හෙට(19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එම අතුරු වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව වාර්තා වෙයි.

අදාළ කොමිසම විසින් මේ වන විට පුද්ගලයින් 30 දෙනෙකුට වැඩි පිරිසකගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබේ.

මීට අමතරව ප්‍රහාරයට අදාල තොරතුරු ලබාදීම සඳහා ජනපති කොමිසම මගින් මහජනතාවට අවස්ථාව සලසා දී තිබු අතර මහජන පැමිණිලි 65 කට අධික සංඛ්‍යාවක් කොමිසම වෙත ලැබුණු බව ද වාර්තා වෙයි

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙන්ම පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් කොමිසම හමුවේ සාක්ෂි ලබා දී තිබුණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();