Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට

 පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍ය මහමුද් කුරේෂි දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.
 
ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඊයේ(01) රාත්‍රී 10.40ට පමණ පාකිස්ථානු විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණ ඇත.
 
මෙම සංචාරය තුළදී පාකිස්ථානු විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවීමට නියමිතය.
 
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා අතර සාකච්ඡා අද පැවැත්වීමට නියමිතය.
 
පකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ විශේෂ ලිපියක් ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිත බවත් මෙය ඉතාමත් විශේෂ සංචාරයක් බවත් විදේශ කටයුතු අමාත්‍ය මහමුද් කුරේෂි ප්‍රකාශ කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();