සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබූ බන්දුල ගුණවර්ධන මහතා අද සිය අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කළේය.
බන්දුල ගුණවර්ධන මහතා අද(26) පෙරවරුවේ රාජකාරී ආරම්භ කළේ සර්ව ආගමික වතාවත් මාධ්‍යයේ නාරාහේන්පිට ජනමාධ්‍ය අමාත්‍යාංශයේදීය.
යහපත සහ අයහපත පිළිබඳව තුලනාත්මක ලෙස වගකීමෙන් සළකා බැලෙන මාධ්‍ය කලාවක් සඳහා කැපවෙන්නැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ /උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනමාධ්‍යවේදීන්ගෙන් එහිදී ඉල්ලා සිටියේය.
එසේම ප්‍රබුද්ධ මාධ්‍ය සංස්කෘතියක් ස්ථාපනය කිරීමට කැපවන බව අමාත්‍යවරයා පැවසීය.
ඉකුත් රජය සමයේ ජනමාධ්‍යවේදීන්ට අහිමිවූ යම් වරප්‍රසාද ඇත්න්ම ඒවා ලබා දීමට මැදිහත් වන බව ද අවධාරණය කෙරිණ. ජනතා නියෝජිතයන්, මාධ්‍ය ආයතන ප්‍රධානින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.


0 Comments