Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පෘතුගාල මහ මැතිවරණයේ ජය සමාජවාදී පක්‍ෂයට

පෘතුගාල මහ මැතිවරණයේ ජය සමාජවාදී පක්‍ෂය හිමි කර ගෙන තිබේ. සමාජවාදී පක්‍ෂය හිමි කරගෙන ඇති ඡන්ද ප්‍රමාණය සියයට 36 ඉක්මවයි.
 
සමාජවාදී පක්‍ෂයේ නායකත්වය පෘතුගාලයේ වත්මන් අග්‍රාමාත්‍ය අන්ටෝනියෝ කොස්තා දරනු ලැබේ. 
 
මහ මැතිවරණයේ බහුතර ජයක් වාර්තා කිරීමට සමාජවාදී පක්‍ෂය සමත්වී නැත. ඒ හේතුවෙන් තවත් පක්‍ෂයක් හෝ පක්‍ෂ කිහිපයක් සමඟ සන්ධානගතව ආණ්ඩුව පිහිටුවීමට සමාජවාදී පක්‍ෂයට සිදු වනු ඇත. ප්‍රතිවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය මැතිවරණයෙන් දෙවැනි ස්ථානයට පත්ව තිබේ. 
 
ඊයේ පැවැති මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබාසිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 11ක් පමණ වේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();