Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විධායකය යනු රාජකීය බලයක් නොවේ .

2018 ඔක්තෝබර් 26 දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ව්‍යවස්ථා විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සම් විභාගයේදීද එවකට නීතිපති ධුරය දැරූ, වර්තමාන අග විනිසුරු ජයන්ත ජයසුරිය අධිකරණයට ප්‍රකාශ කළේ විධායක බලයට කිසිවෙකුට අභියෝග කළ නොහැකි බවටය ඒ අනුව අධිකරණය අවසානයේදී තීන්දු කළේ විධායක බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් බවයි. මේ  නිසා ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියා මිස සම්පුර්ණ විධායකය නොවන බව අද (03) අභියාචනාධිකරණයේදී අවධාරණය කෙරිණි.පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මෙරට පුරවැසිභාවය සම්බන්ධයෙන් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ එක්ව අභියාචනාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් විභාගයේදී මේ  බව  අනාවර්ණය  කෙරුණි .  මේ පෙත්සම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරීන් පුල්ලේ ඊයේ (02) අධිකරණයට දැනුම් දුන්නේ ජනාධිපතිවරයා සතු විධායක බලයට කිසිවෙකුට අභියෝග කළ නොහැකි බවයි.

මෙහෙදී  කරුණු දක්වා  ඇති  ජනාධිපති නීතිඥ චානක ද සිල්වා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙරට විධායකය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් පැවරුණු බලයක් බවත්, එය බ්‍රිතාන්‍යයේ මෙන් රාජකීය බලයක් නොවන බවත් ය. එම නිසා ව්‍යවස්ථාවට ජනාධිපතිවරයා යටත් වන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, ඇමති ධුර පත්කිරීමේදී මෙන්ම අනෙකුත් අවස්ථා වලදීද ඔහුට අසීමිත බලයක් හිමි වී නොමැති බව අවධාරණය කළේය.

The post විධායකය යනු රාජකීය බලයක් නොවේ . appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();