Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්ධන ගොඩබෑම නතර වෙයි?

කොළඹ වරායෙන් ඉන්ධන ගොඩබෑමේ කටයුතු නතරවීමේ අවධානමක් මතුව ඇති බව වාර්තාවේ.

ඛනිජ තෙල් සේවකයින් අනතුරු අඟවන්නේ මේ වනවිට කොළඹ වරායේ සිට නැව් මගින් කොල්ලානාව තෙල් නිමාව වෙත ඉන්ධන ගෙනයන අවුරුදු 70ක් පමණ වන නළ පද්ධතිය දිරාපත්වීම හේතුවෙන් මේ වනවිට අඟල් 10ක විශ්කම්භයක් සහිත එක් නළයක් පමණක් සක්‍රීය තත්වයෙන් පවතින බැවින් එම නළයද යම් කාන්දුවීමකට හෝ පුපුරායාමකට ලක්වුවහොත් දැඩි අනතුරුදායක තත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන්  විටින් විට වසර ගණනාවක් සිට පැවති ආණ්ඩුවලට ඉල්ලීම් ඉදිරිපත් කළද මේ වනතුරු ඊට කන්නොදීම මත මෙම තත්වය උද්ගතවෙමින් තිබෙන බවද සේවකයෝ සඳහන් කරති.

එසේ වුවහොත් මේ වනවිට නැව්වල සිට සිදුවන රට තුළට ඉන්ධන සැපයුම නතර වන අතර එය රටේ ආර්ථිකයට මෙන්ම සේවක සේවිකාවන්ගේ රැකියාවටද තර්ජනයක් වේ. එමෙන්ම මේ වනවිට සක්‍රීය මට්ටමේ පවතින නළයද වසර 70ක් පමණ පරණ වීම හේතුවෙන් යම් පුපුරායාමක් සිදුවවහොත් විශාල ජීවිත හානියක් පවා සිදුවිය හැකි බව සේවකයෝ අනතුරු අඟවති.

මේ වනවිට සේවකයන් මැදිහත්ව විශ්කම්භය අඟල් 12ක නළ පද්දිතියක කිලෝ මීටර් 5.5ක පමණ ප්‍රමාණයක් අලුත්වැඩියා කර ඇති අතර තවත් මීටර් 140ක පමණ ප්‍රමාණයක් අලුත්වැඩියා කිරීමට තිබේ. එහෙත් අනවසර පදිංචිකරුවන්ගේ බලපෑම මත එම ප්‍රදේශවල නළ පද්ධතියේ අලුත්වැඩියා කටයුතු ඇනහිට ඇත. මෙම තත්වය තුළ ඉදිරියේදී ඇතිවිය හැකි අනතුරුදායක තත්වය දෙස බලා ආණ්ඩුව වහාම මැදිහත්ව මෙම පදිංචිකරුවන්ට වන්දි ගෙවා එම ස්ථානවලින් ඉවත් කර නළ පද්ධතිය අලුත්වැඩියා කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දිය යුතු බවත් මේ වනවිට දිරාපත්ව ඇති නළ පද්ධතියට නව නළ පද්ධතියක් එහි ස්ථානගත් කිරීමේ කටයුකුවලට ආණ්ඩුව වහාම මැදිහත්විය යුතු බවත් සේවකයෝ යෝජනා කරති.

ඉදිරි දින කිහපය තුළ මේ සඳහා හයපත් ප්‍රතිචාරයක් ආණ්ඩුව විසින් ලබා නොදුනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාරගවලට යාමට පවා සූදානම් බවද එම සේවකයෝ වැඩිදුරටත් සඳහන් කරති.

ආණ්ඩුව මේ සඳහා මැදිහත් නොවී ඛනිජ තෙල් සේවකයින් හා ජනතාව අතර ගැටුමක් වර්ධනය කර එහි වාසිය ආණ්ඩුවේ දේශපාලනඥයින් වෙත ලබාගෙන තමන් පෙනී සිටියේ ජනතාව වෙනුවෙන් යැයි සඳහන් කරමින් ජනාව තමන් වෙත දිනා ගැනීමේ කූඨ උපක්‍රමයක නිරතව සිටින බවද එම සේවකයෝ වැඩිදුරටත් සඳහන් කරති.

The post ඉන්ධන ගොඩබෑම නතර වෙයි? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();