ඇතැම් භික්ෂූන් වහන්සේ වෛරී ප්‍රකාශ සිදු කළද ආරක්ෂක අංශ ඒ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගන්නා බව ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවුෆ් හකීම් පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඕස්ටේ්රලියාවේ ABC රේඩියෝවට ප්‍රකාශයක් ලබා දෙමිනි.
මන්තී‍්‍රවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ වෛරී ප්‍රකාශ මෙන්ම වෛරී කි‍්‍රයා පාලනයට ද ආණ්ඩුව හෝ ආරක්ෂක අංශ කටයුතු නොකළ බවයි. වෛරී ප්‍රකාශ සිදුකරන භික්ෂූන් වහන්සේ අතර මෑතකදී ජනාධිපති සමාව ලබා නිදහස් වූ හිමි නමක් ද සිටින බවත්, රටේ තැන තැන ගොස් විවිධ ප්‍රකාශ සිදු කරන බවත් රවුෆ් හකීම් මන්තී‍්‍රවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු විවිධ පිරිස් සිදුකළ කි‍්‍රයා හේතුවෙන් තමන් බලයට පත්කළ මුස්ලිම් ජනතාව පීඩාවට පත් වූ බව මන්තී‍්‍රවරයා පෙන්වා දී ඇති අතර තමන් ආණ්ඩුවේ සිටියද තම ජනතාව රැක ගැනීමට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවුෆ් හකීම් ඕස්ටේ්රලියාවේ ABC රේඩියෝවට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.
මේ වනවිට මුස්ලිම් ජනතාවගේ ව්‍යාපාර මෙන්ම ජනජීවිතය ද අඩාල වී ඇති බව මෙහිදි ප්‍රකාශ කර ඇත. තමන් ඇතුළු පිරිස ආණ්ඩුවේ දැරූ ධූරවලින් ඉල්ලා අස්වූයේ “අපගේ සහෘදයින් වෙනුවෙන්” බව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවුෆ් හකීම් පවසා තිබේ.
වෛරී ප්‍රකාශ, වර්ගවාදී කටයුතු, වෛරී කි‍්‍රයා පාලනය කිරීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගන්නා බව ඔහු මෙහිදි අවධාරණය කර ඇත.
0 Comments